
(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත උඩප්පුව ධීවර ගම්මානයට ඈතින් බටහිර මහ මුහුදෙහි සැකකටයුතු ලෙසින් කිසියම් යාත්‍රාවක් පාවෙමින් ඇති බවට තොරතුරු රැසක් ලද බව උඩප්පුව පොලිසිය කියයි.
වෙරළේ සිට කිලෝ මීටර් 6ත් 10 න් අතර ගැඹුරු මුහුදෙහි මෙම යාත්‍රාව ගතවු දින දෙකක පමණ කාලයක සිට පාවෙමින් පවතින බව එය දුටු ප්‍රදේශයේ ධීවර කාර්මිකයින් දැනුම් දුන් බවත් පොලිසිය කියයි.
මෙම යාත්‍රාව දකුණු ඉන්දියාවේ ධීවරයින් විසින් ධීවර කටයුතු සදහා යොදා ගන්නා වල්ලමක් විය හැකි බවත් මේ දිනවල මහ මුහුදෙහි පවතින අධික ප්‍රචණ්ඩකාරි තත්ත්වය මත එම සැකකටයුතු යාත්‍රාව වෙත ගමන් කිරීමට බොහෝ ධීවරයින් බියක් දක්වන බවත් පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවධානය යොමු කර ඇති බවත් උඩප්පුව පොලිසිය කියයි.
යාත්‍රාව ඉන්දු ශ්‍රී ලංකා හොර බඩු ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙරටට නීතිවිරෝධීව ගෙන ආ යම් භාණ්ඩ තොගයක් මෙරට යාත්‍රාවකට ඈත මුහුදේදීම ලබා දි අත්හරින ලද එකක් විය හැකි බවට සැකයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි උසස් පොලිස් නිලධාරියෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd