
(නිමල කොඩිතුවක්කු)
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර භාණ්ඩාගාරය විශේෂ ඒකකයකට පැවරීමට විරෝධය පළ කරමින් එහි සේවකයෝ අද(24) පස්වරුවේ එම දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයන් හෙට (25) දිනයේ සියලුම රාජකාරි වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවත් එහිදී විරෝධතාකරුවෝ පැවසූහ.
විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්, සටන් පාඨ කියමින් විරෝදතාකරුවෝ කෑම පැයේදී පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූහ.
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දියකර හැරීමේ ඊනියා සැලසුම වහා හකුලා ගනු, දෙපාර්තමේන්තුව සතු බලතල කප්පාදුව පරාජය කරමු, දේශීය ආදායම් රේගු සුරාබදු දෙපාර්තමේන්තුව දියකර හැරීමේ කුමන්ත්‍රණය පරදමු ආදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවය අතරතුර අදහස් දැක්වූ දේශීය ආදායම් සේවක සංගමයේ සම ලේකම් එච්. ඒ. එල් උදයසිරි මහතා.
"විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර භාණ්ඩාගාරය යටතේ ඇති විශේෂ ඒකකයකට පවරා තිබෙනවා. දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව විදිහට අපි මීට දැඩි විරෝධය පළ කරනවා. අපේ වෘත්තිය සමිති හයේම නියෝජිතයන් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා.
අපි අද සංකේතාත්මකව කෑම පැයේදී එලියට ඇවිත් විරෝධතාවය දැක්වූවා. හෙට දිනයේදී සියලුම සේවාවලින් ඉවත්ව ප්‍රධාන කාර්යාලයේ සහ දිස්ත්‍රික් කාර්යාල වල වැඩ වර්ජනයක නිරත වනවා. රජය මෙම තීරණය අකුලා නොගතහොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා අපේ මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගෙන යනවා.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1323
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක්
sena Monday, 24 January 2022 06:07 PM
ඒකෙනුත් කුට්ටියක් කඩාගන්න වගේ...