IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගණිකා නිවාසයක් වටලා 4 ක් අත්අඩංගුවට

(මහේෂ් කිර්තිරත්න)

මාතලේ තොටගමුව ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන නිවාඩු නිකේතනයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ එහි  කළමණාකරු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය කියයි.

මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර මහතාට ලැබුණු තොරතුරක් මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාරියන් සහ සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාරියන් වාරියපොල සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචි අයවලුන් වන බවත් කළමණාකරු ලෙස කටයුතු කළ අය අංගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.

මිට පෙර ද කළමණාකරු ලෙස කටයුතු කළ සැකකරු  මිට පෙරද මෙම චෝදනාවට අත්අඩංගුවට පත් වුණු අයෙකු බවද පොලිසිය කියයි.

මෙම නිවාඩු නිකේතනය මාතලේ ප්‍රදේශයේ අයකුගෙන්  කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බවද ‍පොලිසිය කියයි.

මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුගත් බණ්ඩාර මහතාගේ අධික්ෂණයනේ උ.‍පො.ප වනසිංහ,කා.උ.පො.ප ජිවන්ති පො.සැ 85524 ගුණතිලක,පො.සැ 27225 අත්තනායක,පො.කො 33852 ජගත්,පො.කො 83232 දිලිප යන නිලධාරින් මෙම වැටලිම සිදු කළහ.

 

 



අදහස් (1)

ගණිකා නිවාසයක් වටලා 4 ක් අත්අඩංගුවට

chandrasiri Saturday, 13 November 2021 06:33 PM

මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි වෙනකොට මොනවා හරි කරනවා. ඒකෙ කිසි වැරැද්දක් කියන්න බැහැ. කවුරුවත් රුපියලක් නිකන් දෙන්නේ නැහැනේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site