(තිලකරත්න දිසානායක, උපාලි රණවීර)
දොම්පෙ ප්‍රදේශයේ පදිංචි තරුණියක් (17) ගණිකා වෘත්තියේ යොදවා සිටි බව කියන ත්‍රිරෝද රථකරුවකු සහ ඊට සහාය දුන් බව කියන තරුණියගේ මව ලෙසින් පෙනී සිටි 55 හැවිරිදි කාන්තාවක් වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත් අඩංගූවට ගනු ලැබ සිටිති.
පොලිස් කණ්ඩායමේ උපාය දුතයකු යොදවා මල්වාන පෙදෙසට අදාළ තරුණිය රැගෙන එන ලෙස දන්වා ඇති අතර මග රැකසිටි පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය නවතා සිදු කළ පරීක්ෂාවේදී එහි සිටි තරුණිය සහ මව ලෙස පෙනී සිට ඇති කාන්තාවගෙන් සහ රියදුරාගෙන් ප්‍රශ්න කොට තිදෙනාම අත් අඩංගූවට ගෙන ඇත.
මෙම තිදෙනාගෙන් තරුණිය සහ 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා දොම්පේ ප්‍රදේශයේ පදිංචි බවත් මව ලෙස පෙනී සිටි කාන්තාව බියගම පදිංචි බවත් අනාවරණය වී ඇත.
තරුණිය පාසල් යන සමයේ දී 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මෙලෙස ගණිකා වෘත්තියට යොමු කර ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.