IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඕමන්තේ නිවසක් ගිනි ගැනීමකින් විනාශයි


 
රොමේෂ් මධුෂංඛ
 
වව්නියාව ඕමන්ත පරනට්ටකල් ප්‍රදේශයේ පිහිටි නිවසක් හදිසියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.

මහකන්නයේ ගොවිතැන් කර අස්වැන්නෙන් ලබාගත් වී ගෝනී 40ක් අදාළ නිවසේ ගබඩා කර තිබී ඇති අතර අදාළ ගිනිගැනීම හේතුවෙන් නිවසේ තිබූ වී ගෝනි 40 ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව නිවෙස් හිමිකරු කියයි.

පවතින වියළි කාලගුණය හේතුවෙන් නිවස පොල්අතුවලින් සෙවළි කර තිබීම හේතුවෙන් ගින්න එක්වරම පැතිර ඇති අතර ප්‍රදේශවාසීන්ට ගින්න මැඩ පැවත්වීමට නොහැකි වී ඇති අතර ඉතා සුළු වේලාවකදී නිවස සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වූ බව ප්‍රදේශවාසීහු පවසති.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

ඕමන්තේ නිවසක් ගිනි ගැනීමකින් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 59 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 895 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site