
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා අද උදෑසන හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් නිවාස සහ දේපල හානි සිදුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මීගමුව, දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රදේශයන්හි හානි වාර්තාවී ඇති බවත් දැනට ලැබී ඇති තොරතුරුවලට මීගමුව ප්‍රදේශයේ නිවාස 40 ක් සහ ගම්පහ අවට ඉදිගොල්ල සහ කෙසෙල්වතුගොඩ ප්‍රදේශවල නිවාස 15 ක් පමණ ගස් කඩා වැටීම හේතුවෙන් අර්ධ වශයෙන් හානි සිදුව ඇති බවත් අනෙක් ප්‍රදේශයන්හි තොරතුරු ලැබෙමින් පවතින බවත් ආපදා කළමනාකරණ ගම්පහ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා පැවසීය.
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිට ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගනිමින් සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.