( ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයට පැමිණෙන පුද්ගලයින්ගේ දේපළ සොරකම් කිරීමෙහි යෙදුණ බාල වයස්කාර අයිය මලෝ දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 16 වැනි දින දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (02) නියෝග කළේය.
මෙම දරුවන් සම්බන්ධයෙන් එදිනට පරිවාස වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තලාපිටිය ජුම්මා පල්ලියට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකතනය සොරකම් කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වු පොලිසිය මෙම සැකකාර අයිය මලෝ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබි සොරකම් කරන දේපල වලින් කොටසක්ද සොයාගෙන ඇත.
මෙයට පෙර ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසල මුහුදේ නාමින් සිටි පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරකම් කර ඇත්තේ ද මෙම දෙදෙනා බවට අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.
ඔවුන් සමඟ සොරකම්වලට සම්බන්ධ ඔවුන්ගේ මිතුරෙකුවන තවත් 12 හැවිරිදි සිසුවෙකුද මෙයට පෙර අත් අඩංගුවට ගෙන තිබේ .මෙම .සැකකාර සිසුන් දෙනොගේ මව නොමැති අතර ඔවුන් පියා සමග ජීවත් වන බවද පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.