IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බදුල්ල කිරි අසාත්මික වී මවත් දුවත් රෝහලේ

 

 

නිශාන්ත කුමාර

 

කිරි සිරුරේ ගෑවීමෙන් හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ආසාදන තත්වයට පත් තල්දෙන  එගොඩවෙල ගම්මානයේ මවක් හා දියණියක්  අද (7) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුරට ලක්වී ඇත්තේ තල්දෙන  සොරනාතොට එගොඩවෙල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 35 ක මවක් හා අවුරුදු 14 ක දැරියකි.

ප්‍රදේශයේ සුසාන භූමියක තිබූ කැලෑව කපා ශුද්ධ කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වෙමින් සිටියදී එහි වැවී තිබූ බදුල්ල ගස් කීපයක් කපා ඉවත්කිරීමට යාමේදී ඔවුහු මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.

බදුල්ල කිරි සිරුරේ ගැවීමත් සමඟම එම ස්ථානවල කැසීමක් හටගෙන ඇති අතර  පසුව රත් පැහැති පලු දමමින් අධීක වේදනාවක් දැනෙන්නට පටන් ගැනීම හේතුවෙන් මව සහ දියණිය ප්‍රදේශවාසීන් එක්ව රෝහල වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

 



අදහස් (0)

බදුල්ල කිරි අසාත්මික වී මවත් දුවත් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 68 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site