
(කේෂර ගුණතිලක)
මොනරාගල-බිබිල මාර්ගයේ දොඩම්ගොල්ල ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරියක් මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් ශිෂ්‍යයන් දොළොස් දෙනකු තුවාල ලබා ඇතැයි බිබිල පොලීසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බිබිල වෙල්ලස්ස ජාතික පාසල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන වොලිබෝල් තරඟාවලියට සහභාගීවීමට යමින් සිටි කනුල්වෙල මුස්ලිම් මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසකි.
රියදුරට ලොරියේ වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් දොඩම්ගොල්ල ඊතණවත්ත ප්‍රදේශයේදී ලොරිරථය මාර්ගයෙන් ඉවතට පෙරළීමෙන් එහි සිටි සිසුන් දහතුන් දෙනෙකුගෙන් දොළොස් දෙනකුට තුවාල සිදුවී ඇත.
තුවාලකරුවන් බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ශිෂ්‍යයන් දෙදෙනකු සුළු ශල්‍යකර්මයන්ට භාජනය කර ඇතත් ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලොරිරථයේ රියදුරු බිබිල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.