IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි උපකරණ හොරා පොලිසියට කොටුවෙයි

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                                 

කඩ සාප්පුවල අගුලු කඩා ඇතුලුවී ගෘහ විදුලි උපකරන හා ටයර් සොරාගෙන අළෙවිකරන සංවිධානාත්මක කල්ලියක් රුපියල් ලක්‍ෂ 10කට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩද සමගින් කොටුකරගැනීමට කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන එ්කකයට හැකිව තිබිණි.

දුම්මලසූරිය, තුත්තිරිපිටිය, හෙට්ටිපොල, පඩුවස්නුවර ආදී ප‍්‍රදේශවල එසේ කඩසාප්පු බිද ගෘහ විදුලි උපකරණ හා ටයර් කොල්ලකා කොල්ලකා ඇතැයි එ් එ් පොලිස් ස්ථාන වෙත ලැබී තිබූ පැමිණිළි අනුව මාතලේ කිරි ඔරුව ප‍්‍රදේශයේ සැකකරුවෙක් අදාළ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබාදුන් ප‍්‍රකාශ අනුව එම කල්ලිය අනාවරණය කරගෙන ඇති අතර එ් අනුව අදාළ සියලුම දෙනා අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම එ්කකය කියයි.

කුලී පදනමින් සුඛෝපභෝගී වාහන ලබාගෙන දිවයිනේ විවිධ ප‍්‍රදේශ වල යමින් මුල් අවස්ථාවේ භාණ්ඩ මිළදී ගන්නා ආකාරයෙන් ගොස් ආරක්‍ෂිත කැමරා පද්ධතිය පිහිටුවා ඇති අයුරු හා ඊට හොර රහසේ ඇතුලු වියහැකි ක‍්‍රම පිළිබද රහසිගත අධ්‍යනයක් කර පිටව ගොස් පසුව වෙනත් දිනකදී එම හොර කල්ලිය රාත‍්‍රියකදී පැමිණ එසේ අගුලු කඩා බි`ද දමමින් කැමරා දත්ත පවා රැගෙන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය කරගෙන තිබිණ.

එ් අනුව දඹුල්ල කණ්ඩලම ප‍්‍රදේශයේ මසකට රුපියල් පනස්දහස බැගින් වූ කුලී පදනම මත ලබාගෙන තිබූ වැගන් ආර් වර්ගයේ වාහනයක්ද පොලිස් භාරයට ගෙන තිබිණ. එ්ත් සමගම රුපියල් ලක්‍ෂ 10කට අධික වටිනාකමකින් යුතු ගෘහ විදුලිය උපකරණ හා ටයර් තොගයක් පුත්තලම මුන්දලම ප‍්‍රදේශයේ නැවත අළෙවිය ස`දහා සකස්කරමින් සිටියදී පොලිස් භාරයට ගැනීමට හැකිව තිබිණ.

 



අදහස් (0)

විදුලි උපකරණ හොරා පොලිසියට කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site