(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් අද (24) ව්‍යාපාරික සේවකයකු පණ ගැන්වීමේදී මෝටර් රිය පසුපසට ධාවනය වීම නිසා මාර්ගයේ ගමන්ගත් මවක, දියණියක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ පොලිසිය පවසයි.
රෙදිපිලි අලෙවි සැලක හිමිකරුට අයත් මෝටර් රථය වෙළඳසැල අවහිර වන පරිදි තිබීම නිසා හිමිකරුගේ දැනුම්දීම මත සේවකයා එය ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදු තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ හොරණ දික්හේන්ගම පදිංචි 38වියැති මවක, 19 හැවිරිදි ඇගේ දියණිය හා මඩල ඇල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිදිරි කාන්තාවකි.
20 හැවිරිදි ව්‍යපාර සේවකයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ කාන්තාවන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.