IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘කරුණා හදවත‘ දරුවන්ට පිහිට වෙයි

ලන්ඩන් නුවර ක්‍රියාත්මක උපන් දින අරමුදලට අනුබද්ධිත " කාරුණික හෘදය" සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා අවශ්‍ය පොත්පත්, ඇඳුම් පැළඳුම් සහ පාසල් උපකරණ ලබාදීම සඳහා ගෙන යන සමාජ සත්කාර වැඩපිළිවෙල යටතේ අනුරාධපුර කටුකැලියාව විද්‍යාදීප විදුහලේ සිසු සිසුවියන්ට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ පිරිනැමිණි.

ලන්ඩනයේ සිට නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එම අරමුදලෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වන චන්දන ගුණසේකර ඔහුගේ පවුලේ අය සහ හිත මිතුරන්ද කැටුව මෙම අවස්ථාවට සහභාගී විය. 

මේපිළිබඳව අදහස් දැක්වූ උපන්දින අරමුදලේ ජයන්ත හේරත් පැවසුවේ " අපගේ අදහස දැන්වීමෙන් අනතුරුව  කටුකැලියාව පාසලේ ගුරැ මණ්ඩලය ඉමහත් කැපවීමකින් සහ උනන්දුවකින් කුරැණෑගල පිහිටි අභ්‍යාස පොත් නිෂ්පාදකවරැන්ගේ ප්‍රධාන බෙදාහැරීම් මධ්‍යස්ථානයකටම ගොස් පොත් මිලදී ගැනීම නිසා විශාල වට්ටමක් සහිතව දරැවන් සිය දෙනෙකුට අවශ්‍ය පොත් සහ පාසල් උපකරණ ලබා දීමටහැකිවූ" බවය.

තමන්ට හුරු පුරුදු ගමේ පාසලකට පැමිණීම පිළිබඳව අදහස් දක්වමින් චන්දන ගුණසේකර මහතා කිවේ "අප මේ පොත් බෙදා දීම සඳහා අරමුදලෙන් වැය කළේ පවුම් 250 ක් වැනි මුදලක‍්. එය මේ වැඩසටහනට දායකවූ පිංවත් සැම ලබා දුන් මුදලින් කෙටසක්. එහෙත් එදා දවස එම පොත් පත් ලබාගත් ඒ දරුවන් සතුටුවූයේ ඔවුනට රටක් රාජ්‍යක් ලැබුණු පරිද්දෙනි. ඔබ වැය කළ සුළු මුදලකින් තවත් තැනෙක තවත් අයෙකු නිවී සැනසුණු අපූරුව එදා අපි දුටුවෙමු. අපට එකතු වී මෙවැනි මහා පුණ්‍යකර්ම තව තව ඉදිරියට කළ හැකි වනු ඇත. කටුකැලියාව පාසලේ දරුවන් වකුගඩු රෝගවලින් මුදවා පිරිසිදු පානීය ජලය ලබා දීම සඳහා පාසලේ සවිකොට තිබූ ජල පිරිපහදු යන්ත්‍රයට අවශ්‍යවූ මඩ පෙරනයක් හා පාසලේ මුද්‍රනකටයුතු කර ගැනීමට පහසුවන ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා ගැනීම තවත් අවශ්‍යතාවයන් දෙකක් බව අපට දැනගැනීමට ලැබුණි. මම එය අපගේ උපන්දින අරමුඳලට යොමු කිරීමට එවෙලේම ඔවුනට පොරොන්දු වුණෙමි. අපගේ මීළඟ සත් කාර්යය එය විය හැකිබව සතුටින් සිතමි."

2 5 6 7

 



අදහස් (0)

‘කරුණා හදවත‘ දරුවන්ට පිහිට වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site