(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
ශිෂ්‍ය සංගම් රැස්වීම්වලට සහභාගි නොවූයේ යැයි පවසමින් සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් තිදෙනෙකු ශිෂ්‍ය නේවාසිකාගාරයට පැමිණ දෙවන වසරේ ශිෂ්‍යයෙකුට පහරදී ඇතැයි සමනලවැව පොලිසිය පැවසයි.
ඊයේ (12) දා රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර සමනලවැව පොලිස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
මේ සම්බන්‍ධයෙන් සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහාගෙන් විමසූවිට ඔහු පැවසුවේ කිසිදු ශිෂ්‍යයෙකුට හෝ පිරිසකට තවත් ශිෂ්‍යයෙකුට පහරදීමේ අයිතියක් නැති බවත් මේ සම්බන්‍ධයෙන් තමන්ට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd