IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නාඳුනන කාන්තා මළ සිරුරක් මහවැලි ගඟේ

(සුරංග රාජනායක)

ගම්පොල ඉල්ල වතුර ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගත් බව ගම්පොල පොලිසිය පවසයි.

නාන තොටුපල ක තිබී හමු වූ මෙම කාන්තා මළ සිරුර අසල කාන්තා අත් බෑගයක් කුඩයක් හා තවත් උපකරණ කිහිපයක් හමුවී ඇත.

මනා ලෙස ඇඳුම් හැඳ සිටි මෙම කාන්තාව අවුරුදු 50 ක 55 ක පමණ පසු වන්නික් විය හැකි බව ගම්පල පොලිසිය සඳහන් කරයි.

ඇගේ ගමන් බෑගයේ තිබී රුපියල් 15,000ක පමණ මුදලක් හා විවිධ වර්ගයේ ඖෂධ කීපයක් ද හමුවී ඇත.

ඇය මෙම ප්‍රදේශයේ පදිංචි කාරියක් නොවන අතර මෙම ස්ථානයට පැමිණි ගම්පොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ අවට පොලිස් ස්ථානවලට පණිවුඩ යවා ඇය පිළිබඳව සොයා බලන බවයි. 

 



අදහස් (0)

නාඳුනන කාන්තා මළ සිරුරක් මහවැලි ගඟේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site