IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිසුන් විදේශගත කරන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

( පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
පාසල් සිසුන්ට විදේශගතවීමට අවස්ථාව සලසා එම රටවලදී කී‍්‍රඩා පුහුණුව ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන අවසානයේ අගරු චෙක්පත් ලබාදී වංචා කළ  බව කියන පුස්තකාල සහායකයකු අද(23) අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන, දිවයිනේ ප‍්‍රධාන දේශපාලන පක්ෂයක මීරිගම ආසනයේ සම්බන්ධීකාරයකු ලෙස කටයුතු කරන පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
 
සැකකරු ගම්පහ දිස්තී‍්‍රක්කයේ ප‍්‍රධාන පෙළේ දේශපාලඥයකුගේ ඥාතියකු වන බවත්, මෙම සම්බන්ධතා නිසා විවිධ පුද්ගලයන් සැකකරුට දරුවන් කී‍්‍රඩා පුහුණුව සඳහා යොමු කිරීම වෙනුවෙන් මුදල් ලබාදී ඇති බවත් හෙළි වී ඇත.

පුද්ගලයන් ගණනාවකගෙන් මෙසේ මුදල් ලබාගෙන වංචා කර ඇතැයිද වේයන්ගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයකුගෙන් මීට වසරකට පමණ පෙර ලබාගත් රුපියල් 120,000 ක් වෙනුවෙන් අඟරු චෙක්පත් දීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.

මේ අතර මෙම සැකකරුගේ වංචාවන්ට හසුවූ අයෙකුගේ තවත් පැමිණිල්ලක් ලැබී ඇති අතර තවත් විශාල පිරිසක් මෙම අයගේ වංචාවන්ට ගොදුරුව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

සිසුන් විදේශගත කරන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 134 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site