IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ගාල්ලේ සේවකයන් පිරිසක් විරෝධතාවක

 (කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

ගාල්ලේ කරාපිටියේ ඉදිවෙන මාතෘ රෝහලේ සේවයේ යොදවා සිටි ශ්‍රම සැපයුම් ආයතන දෙකකට අයත් කම්කරුවන් (මෑන් පවර් සේවකයන් ) පිරිසක් තමන් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කර බව පවසමින් අද (08) දහවල් එම වැඩබිම ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

මේ  හේතුවෙන් මාතෘ රෝහලේ වැඩබිමට අවශ්‍ය සැපයුම් ද්‍රව්‍ය කොන්ක්‍රීට් යනාදිය රැගෙන ආ වාහනද වැඩබිම තුලට ඇතුළුවීමට නොහැකිව එහි වැඩ කටයුතු අකර්මන්‍ය විය.

මේ අවස්ථාවේදී ඉදිකිරීම් භාර සෙනොක් සමාගමේ පරිපාලන සාමාන්‍යාධිකාරි ලංකා කොඩිප්පිලි මහතා සහ පෝද්දල පොලිසියේ නිලධාරිහු සේවක උද්ඝෝෂණය පවතින ස්ථානයට පැමිණ ඔවුන් සමග සාකච්ඡා කළහ. මෙහිදී මෙම කරුණ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට සහ පොලීසියට පැමිණිලි කර විසඳුමක් ලබාගන්නා ලෙස උද්ඝෝෂකයන්ට දැන්වීමෙන් පසු ඔවුහු විසිර ගියහ.

මේ සම්බන්ධයෙන් සෙනොක් සාමාන්‍යාධිකාරි ලංකා කොඩිප්පිලි මහතාද මාධ්‍යයට අදහස් දැක්වීය. දෛනික වැටුප ලෙස එම ආයතනයට එක සේවකයෙක් වෙනුවෙන් සෙනොක් ආයතනය රුපියල් 2500/- 2700/- ක් ගෙවා තිබේ. නමුත් එම ආයතන මෙම එක් සේවකයෙකුට ගෙවා ඇත්තේ රුපියල් 1100/- ක් පමන බව දැනගන්නට ලැබිණි. සේවක අර්ථ සාධක අරමුදල් පවා ගෙවා නොමැති බවද වාර්තා වේ.

මේ පිරිස ගේට්ටු වසාගෙන උද්ඝෝෂණය කරන නිසා තමන් අපහසුතාවයට පත්වී තිබෙන බවත්,  ඉදිකිරීම්වලට අවශ්‍ය කොන්ක්‍රීට් ආදිය ඇතුලට ගන්න නොහැකි වූ බවත් මෙන්ම  මේ අයගේ ප්‍රශ්නය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ගාල්ලේ සේවකයන් පිරිසක් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site