IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරය හෙළා දකිමින් ආබාධිත සිසුන් දෙදෙනෙක් පාගමනක

(රොමේෂ් මධුෂංඛ)

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් හා නැවත එවැනි ම්ලෙච්ච ප්‍රහාරයක් ඇති නොවී සංහිදියාව වර්ධනය වේවායි පතමින් ආබාධිත හා දෘෂ්ෂ්‍යබාධිත සිසුන් දෙදෙනෙකු පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් අරඹා ඇත.

පේදුරුතුඩුවේන් ගමන් ඇරඹු මෙම සිසුන් දෙදෙනා අද (27) මැදවච්චිය හරහා අනුරාධපුරය ආදා නගර පසුකරමින් එලඹෙන සැප්තැම්බර් 4 වැනිදා දෙවුන්දරතුඩුවට ළඟාවීමට බලාපොරොත්තුවෙන් සිටී.

මඩකලපුව ශාන්ත මයිකල් විදුහලේ ඉගෙනුම ලබන එස්.සංජීවන් හා පී.දුෂාන්තන් නැමති මෙම ආබාධිත සිසුන් දෙදෙනා පා ගමන අරඹමින් කියා සිටියේ යුද්ධයෙන් වැඩි වශයෙන් පීඩා විඳි උතුරු නැගෙනහිර ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට නැවත වරක් යුද බිය ගෙන දුන් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දැඩි සේ හෙළා දකින බවටත් නැවත එවැනි ප්‍රහාරයක් කිසිදිනක ඇති නොවිය යුතු බවත්ය.

එමෙන්ම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් මේ වන වට අවදානමකට ලක් වී ඇති ජාතීන් අතර සංහිදියාව නැවත නගා සිටිය යුතු බවටත් ඒ වෙනුවෙන් සියලු ශ්‍රීලාංකිකයින්ට එක්වන්නැයි ආරාධනා කර සිටිම මෙම පාගමනේ ප්‍රධාන අරමුණ බවටද එම සිසුන් දෙදෙනා වැඩිදුරටත් පැවසූ අතර සිසුන් දෙදෙනාගේ පාගමන වෙනුවෙන් සෑම නගරයකින්ම උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතී.



අදහස් (0)

පාස්කු ප්‍රහාරය හෙළා දකිමින් ආබාධිත සිසුන් දෙදෙනෙක් පාගමනක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site