IMG-LOGO

සේමමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි


සිතුම් චතුරංග
          
වවුනියාව සේමමඩු රක්ෂිතයේ නීතිවිරෝධි අයුරින් බුරුත දැව කපා ප‍්‍රවාහනය කළ කැබ් රථයක් අද (5) වවුනියාව,නොච්චිමොටෙයි, සින්නකුලම ප‍්‍රදේශයේදී වවුනියාව  ඕමන්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


නීතිවිරෝධී දැව ජාවාරමක් පිළිබඳ ඕමන්ත පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බුරුත දැව කඳන් පැටවූ කැබ්රථය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


වැටලීම සිදුකරන අවස්ථාවේ කැබ්රථයේ රියදුරු පලා ගොස් සිටි අතර කැබ් රථයේ තිබූ බුරුත දැව කඳන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බවද සඳහන් කළේය. 


සැකකරුවන් විසින් සේමමඩු රක්ෂිතයෙන් කපන ලද බුරුත දැව කදන් කැබ් රථයක පටවා වවුනියාවේ ස්ථානයක් වෙත රැගෙනවිත් රහසිගත අයුරින් යාපනය ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරන බවට තොරතුරු අනාවරණය වූ බවද පොලිසිය කියයි. 


දීර්ඝ කාලයක සිට රක්ෂිත තුළින් බුරුත ගස් කපා ජාවාරම්කරුවන් නීතිවිරෝධී ලෙස දැව ප‍්‍රවාහනය කර ඇති බවද කීය.
 



අදහස් (0)

සේමමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 65 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 274 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site