IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඝාතනයක සැකකරුවකු ඩුබායි රටට පැනලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ අවන්හල් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු විදේශ රටකට පලාගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
 
ඝාතනය සිදුකර පැය කිහිපයක් තුළදී සැකකරු ඩුබායි රටට පලාගොස් ඇති බවද පොලිසිය කියයි.
 
ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයා සහ කලක් මිතුරකුව සිටි මෙම පුද්ගලයා පසුව අමනාපව සිට ඇතැයිද එම ආරංචි මාර්ගවලින් සනාථ වන බව පොලිසිය කියයි.
 
2004 වසරේදී බැංකු කොල්ලයකට හා තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධව සිටි පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙකු බවද පොලිසිය කියයි.
 
ඉකුත් 27 වැනි දින රාත්‍රියේදී නුගේගොඩ උඩහමුල්ල පදිංචිව සිටි සුනිල් රුවන් පෙරේරා යන 38 හැවිරිදි පුද්ගලයා වෙඩි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබුණි.
 
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.



අදහස් (0)

ඝාතනයක සැකකරුවකු ඩුබායි රටට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site