(දිලීප් ජයසේකර)
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි අයුරින් දැව ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු සුරියවැව කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ දී අත්අඩංගුවට අද (26) අත්අඩංගුවට ගනු ලැබීය.
තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නුගේගලයාය,කිරිඉබ්බන්ආර පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු බලපත්‍රයක් නොමැතිව ට්‍රැක්ටර් රථයකින් තේක්ක දැව කදන් 7 ක් හා කොහොඹ දැව කදන් 15 ක් අසල පිහිටි මෝලකට රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු සමඟ දැව ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථය හා ලී කදන් තොගය වැඩිදුර විමර්ෂණ සඳහා සුරියවැව පොලීසියට බාර දී තිබේ.
සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd