(කවිතා සුබසිංහ )
කුලි නිවෙස්වල ජීවත් ව කොරෝනා වසංගය හමුවේ අවතැන්ව පසුගිය කාලයේ කැලණිය බස්නැවතුම්පොළ ආශ්‍රිතව වාසය කළ පවුල් දෙකක දරුවන් දෙදෙනෙකු අතුරුදන් වී ඇතැයි කැලණිය පොලීසිය කියයි.
මෙලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු 10 ක් සහ 11ක් වන දරුවන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
ඉකුත් 12වැනිදා පස්වරුවේ සෙල්ලම් කිරීම සඳහා ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන් පසු මෙම දරුවන් සම්බන්ධ තොරතුරක් ලැබී නැතැයිද පොලිසිය සඳහන් කරයි.
පැහැරගැනීමක් ද යන්න පිලිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි ද කැලණිය පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd