IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


පාලවියේ ගම්මු විරෝධතාවයක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පාලවිය දුම්රිය ස්ථානය ඉදිරිපිට ගම්මානයට ගමන් ගත් මාර්ගය දුම්රිය නිළධාරින් හා සේවකයින්  පිරිසක් විසින් වසා දැමීමට විරෝධය පා එම ගම්මානයේ ගම්වැසියන් අද (21) විරෝධතාවයක නිරත වුහ.

විරෝධතාවයේ නිරත වු ගම්වැසියන්  පිරිස පවසා සිටියේ වසර 50 කට ආසන්න කාලයක් පැරණි මෙම ගම්මානය තුළට ගමන් කිරිමට මෙම දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය භාවිතා කළ බවයි.

එසේ භාවිතා කළ මාර්ගය සම්පුර්ණයෙන් දුම්රිය යකඩ සිල්පර යොදා වසා දැමීමට දුම්රිය බළධාරින් ගත් හදිසි තීරණය නිසා ගම්මානයට ගමන් කිරිමට නොහැකි වී ඇති බවයි.

විරෝධතාවයත් සමඟ පුත්තලම මුලස්ථානයේ නිළධාරින් පිරිසක් මෙම ස්ථානයට පැමිණ විරෝධතාවයේ නිරත වු ගම්වැසියන් හා එය වසා දැමිමට කටයුතු කරමින් සිටි දුම්රිය ගොඩනැගිලි අංශයේ නිළධාරින්ගෙන් සිදුවිම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම සිදුවිය.

එහිදි ගම්වැසියන් පවසා සිටියේ තම ගම්මානයේ පවුල් 50 කට අධික පිරිසක් පදිංචිව සිටින මෙම ගම්මානයට යාමට ඇති මාර්ගය වසා දැමීම බරපතල අසාධාරණයක් බවයි.

එහිදි එම ස්ථානයේ සිටි දුම්රිය ආරක්ෂක සේවයේ නිළධාරියකු පොලිස් නිළධාරින්ට පවසා සිටියේ තමන්ට ඉහලින් ලැබුණු උපදෙස් මත මෙම මාර්ගය වසා දැමිමට කටයුතු කරමින් සිටින බවත් මෙම මාර්ගය අයිති සිමාව දුම්රිය දේපාර්තුමේන්තුවට අයත් භුමියක් බවයි.

කෙසේ නමුත් ගම්වැසියන් දැඩි විරෝධයක් මතු කරමින් හැසිරුණද එම ස්ථානයේ අදාල මාර්ගය වසා දමමින් සිටි බංගදෙනිය දුම්රිය ගොඩනැගිලි අංශයේ හා සේවයේ සේවකයින්ට හා දුම්රිය ආරක්ෂක සේවයේ නිළධාරින්ට  කිසිදු ආකාරයක බාධා කිරිමක් නොකිරිමද විශේෂ සිදුවීමකි.

ඒ සමගම ජනතාව පවසා සිටියේ මෙම ස්ථානයේ නිවාස ඉදිවන තුරු දුම්රිය බළධාරින් නිහඩව වසර 50 කට ආසන්න කාලයක් නිහඩව බලා සිටි බවත් දැන් ගමන් කිරිමට ඇති එකම මාර්ගය වසා දැමිම අසාධාරණ බවයි.

විරෝධතාවයෙන් පසුව පාලවිය දුම්රිය ස්ථානය ඉදිරිපිට වු ආලඩි ශ්‍රී වරසිත්ති  විනයාගර් කෝවිලට ගොස් දෙවියන් හමුවේ කන්නලව් කරමින් මෙම මාර්ගය වසා දැමිමට කටයුතු කල දුම්රිය බළධාරින්ට ශාප කරමින් පොල් ගැසිමක නිරත විය.

මේ පිළිබදව කල විමසිමේදි බංගදෙනිය දුම්රිය ගොඩනැගිලි පරික්ෂක  කාර්යාලයේ නිළධාරියකු පවසා සිටියේ මෙවැන්නකි.

“මෙම ගම්මානයේ ජනතාව දුම්රිය දෙපාර්තුමේන්තුව සතු භූමියකයි මේ මාර්ගය භාවිතා කරන්නේ .ඒ පිළිබදව පසුගිය කාලයේ මේ පිළිබඳව ඉහඝ නිළධාරින් දැනුවත් කර තිබුණේ නැහැ.

නමුත් ඉදිරියේ දී ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදි කිරිමට සුදානම් ව සිටිනවා .ඒ නිසා අදාල භුමිය මැදින් මාර්ගයක් ගමන් කිරිමට එවිට නොහැකි තත්වයක් පවතිනවා.

ඒ හේතු මත අදාල මාර්ගයට අයත් භුමිය වසා දැමිමට කටයුතු කළා. අපි ඉහලින් ආ උපදෙස් ක්‍රියාත්මක කිරිම පමනයි කර ඇත්තේ යැයි නිළධාරියා පැවසිය.

 

 



අදහස් (0)

පාලවියේ ගම්මු විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site