පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (2019) නාවික අභ්‍යාසයට සමගාමීව පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනයේදී සඳහා ශ්‍රී ලංකා නාවික සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට ලක් වී තිබේ.
ඒ අනුව, ජාත්‍යන්තර ආහාර දැක්ම සඳහා ආහාර කුටියක් නිර්මාණය කිරීමට සයුරළ නෞකා නැව් මුළුව කටයුතු සූදානම් කර තිබු අතර ඒ සඳහා රටවල් රැසක් සහභාගි වී සිටියහ.
ඒ අතරින් වඩාත් කැපී පෙනෙන ආහාර කුටිය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමත් වි තිබේ.
එම ආහාර කූටිය සඳහා ශ්‍රී ලංකාට ආවේණිකවූ ආහාර කිහිපයක් සකස් කර තිබූ අතර, එය ආහාර ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි සියලු දෙනාගේ විශේෂ ඇගයුමකට ලක්විය.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි පකිස්ථානු නාවික හමුදාධිපති, අද්මිරාල් ෂාෆාර් මහමුද් අබ්බාසි මහතා ඇතුළු දෙරටේ ආරක්ෂක නිලධාරිහු ශ්‍රී ලාංකික දේශීය ආහාර රස බැලීමට ද එක් වූහ.
මෙම ආහාර ප්‍රදර්ශණය නැරඹිම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා, නාවික අණභාර නිලධාරි (වැලිසර) සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු බන්දුල සේනාරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.
(36698)










(ඡායාරූප නාවික හමුදා මාධ්‍ය අංශය )
2025 දෙසැම්බර් මස 04
619
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සයුරළ‘ නෞකාවට විශේෂ ඇගයුමක්‘