IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැදියමේ තරුණිය හමුවීමට ගිය තරුණයාට පහර දී යතුරුපැදිය සොරාගනී


 
 
(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
 
මුහුණු පොත ඔස්සේ හඳුනාගත් තරුණියක් හමුවීම සඳහා මැදියම් රාත්‍රීයේ  යතුරුපැදියකින් තලගහ විජයානන්ද මාවතේ ගමන් කරමින් සිටි තරුණයකුට යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු විසින් පහරදී  තරුණයා පැමිණි යතුරුපැදිය කොල්ලකා ගෙන පලා ගොස් ඇති බව අක්මිමන පොලිසිය පවසයි.


සිද්ධියට අදාළ තරුණයා කරාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ මුහුණු පොතින් හඳුනාගෙන ඇති තරුණියක හමුවීමට  පසුගිය 22 රාත්‍රී 12.30 ට පමණ  සිය නැන්දණියට අයත් ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් තලගහ විජයානන්ද මාවත ඔස්සේ ගමන් කරමින් සිට ඇත.


මෙසේ ගමන් කරමින් සිටියදී මෙම පුද්ගලයා ඉදිරියට මුහුණු ආවරණය කරගත්  පුද්ගලයින් තිදෙනෙකු යතුරු පැදියකින් පැමිණ යතුරුපැදිය මඟ හරස් කර නතරකර  පොලුවලින් පහරදී ඇතැයි  අක්මීමන පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.


පහරදෙන අවස්ථාවේ  පැමිණිලිකරු  යතුරුපැදිය  දමා පැන ගොස්  ඇති අතර   පසුව නැවත පැමිණ බලන විට යතුරුපැදිය එම ස්ථානයේ නොතිබූ බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.


මෙම යතුරුපැදිය තම නැන්දාට අයත් එකක් බවද එහි වටිනාකම රුපියල් දෙලක්ෂ  හැටනව දහසක් බවද පහර කෑමට ලක්වූ පුද්ගලයා විසින් අක්මීමන පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලේ සඳහන් වේ.



අදහස් (0)

මැදියමේ තරුණිය හමුවීමට ගිය තරුණයාට පහර දී යතුරුපැදිය සොරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site