(සුමිත් ප්‍රේමතිලක)
දොඩංගොඩ පොලිස් බළප්‍රදේශයේ නිවසක් තුළ අද අලුයම පොරවකින් හිසට පහරදී සිව්දරු මවක ඝාතනය කර ඇතැයි දොඩංගොඩ පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ,කජුදූව ප්‍රදේශයේ පදිංචිව සිටී එම්.ඒ.අනෝමා දමයන්ති නමැති 46 හැවිරිදි කාන්තාවකි.
මියගොස් ඇති කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා අතර,ඇතිවූ බහින්බස් වීමකින් පසු නිවසේ තිබූ පොරවෙන් හිසට පහරදී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇතැයි පොලිසිය කියයි .
ඝාතනය සිදුකිරීමෙන් පසු ස්වාමිපුරුෂයා පොරව නිවස ඉදිරිපිට ඇති පාරක අසල දමා දොඩංගොඩ පොලිසියට භාරවී ඇති බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බාර් ටිකක් ඇරියොත් හොඳයි