
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සොරගුනේ මහා විදුහලේ තවත් දූ දරුවන් පස් දෙනෙකුට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බව අද 22 දින කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.
මේ හේතුවෙන් එම විදුහලේ පන්ති කාමර තුනක් වසා තැබීමට පියවර ගත් බව විදුහල්පති සොරඟුණේ පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ. දෙක ඒ,පහ ඒ,සහ දහය බී ශ්රේ ණි මෙසේ වසා දැමීමට පියවර ගෙන තිබේ.
පන්ති 5ක දූ දරුවන් වෙනුවෙන් ඇන්ටිජන් පරීක්ෂාව සොරඟුණේ මහා විදුහලේ දීම සිදු කිරීම විශේෂත්වයකි.
සොරගුනේ මහ විදුහලේ 2 ඒ ශ්රේාණියේ ළමුන් දෙදෙනෙකුට පහ ,දහය, සහ එකොලහ ශ්රේසණි වල එක් ළමයෙකු බැගින් ද කෝවිඩ් ආසාදිත වී තිබේ.
ආසාදිත 11 ශ්රේකණියේ දරුවා පසුගිය දිනවල පාසලට පැමිණ නැති බැවින් පාසලේ එම පංතිය වසා දැමීමට පියවර ගෙන නැත.
ආසාදිත ළමුන් සහ ආසාදිත ළමුන් ගේ සමීපතම ආශ්රිදතයින් සිය නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉදිරි පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු වන බවත් හල්දුම්මුල්ල මහජන සෞඛ්යා පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරගුණේ විදුහලේ තවත් පස් දෙනකුට කොරෝනා: පන්ති 3 ක් වසයි