IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මුලතිව් කුඹුරුයායකට ජලය නොදීමෙන් ගොවීන් අමාරුවේ

(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් පුදුකුඩිඉරිප්පු විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශයේ කුඹුරු යායකට මෙතෙක් කල්මඩුකුලම් වැවෙන් ලබා දුන් ජලය නවතා දැමීම හේතුවෙන් කුඹුරු අක්කර 120 ක් පමණ විනාශ වී යාමේ දැඩි අවදානමක් පවතින බවට ගොවීහු කියා සිටිති.
 
මුලතිව් හා කිලිනොච්චිය අතර පිහිටි කල්මඩුකුලම් වැවේ ජලයෙන් වසර ගණනාවක් පුරා මහකන්නයේ ගොවිතැන් කටයුතු කිරීමෙන් පසු වැඩි ජලය වැවේ බටහිරින් පිහිටි විෂ්වමඩු හා නෙත්තලිආරු ප්‍රදේශවල කුඹුරු වෙත ලබා දී තිබිණි.
 
මෙවර යල්කන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරුවලට ජලය ලබා දීම වහාම නැවත්වීමට කල්මඩුකුලම් වැවේ ගොවි සංගමය පියවර ගෙන ඇත.
 
මේ හේතුව නිසාවෙන් විෂ්වමඩු හා නෙත්තලිආරු කුඹුරුවලට ජලය නොමැති වීමෙන් සියලු ගොයම් පැළ විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි ද කල්මඩුකුලම් වැවේ ජලය ලබාදෙන්නැයිද ගොවීහු ඉල්ලා සිටිති.
 
මේ අතර ගොවිතැන් කළ ගොවීන් පිරිසක් කල්මඩුකුලම් වැවේ ගොවිසංගමය සමග සාකච්ඡා කර ඇති අතර එහිදී ගොවි සංගමය විසින් පවසා ඇත්තේ මේ දිනවල දිවයින පුරා පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් කල්මඩුකුලම් වැවේ ජලය ගොවිතැනට ලබාදුනහොත් කල්මඩුකුලම්වාසීන් විශාල ප්‍රමාණයක් විපතට පත්වන බවය.
 
 මේ සම්බන්ධයෙන් සියලු ගොවි සංගම් සමග සාකච්ඡා කර තීරණයක් ලබා දෙන බව ගොවි සංගමය පවසා ඇත.

 



අදහස් (0)

මුලතිව් කුඹුරුයායකට ජලය නොදීමෙන් ගොවීන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site