(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ ළූණු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්‍රදේශයේදී අද (08) මුහුණට මුහුණ ගැටීමෙන් කන්ටේනර් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක වැදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ බස් රථයේ රියැදුරු සහ මගින් දෙදෙනෙකු බව පොලිසිය සඳහන් කළේය. බස් රථය අධික වේගයෙන් පැමිණීමත් නිසා පැවැති වර්ෂාව සහිත තත්වය හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි. රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd