IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ත්‍රීරෝද රථයක් දුම්රිය මාර්ගයට පෙරලී තිදෙනෙක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ)                       

හැටන් කුඩාගම සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන උඩරට දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලීමෙන් එම ත්‍රිරෝද  රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා අද (18) දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පවසයි.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී  අද දහවල් 12 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.

අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රිරෝද රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් වූ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ආසන්නයට පෙරලී ඇත.

අනතුරින් තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරා ඇතුළු තවත් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරාගේ තත්ත්වය තරමක් බරපතල බවයි.

 



අදහස් (0)

ත්‍රීරෝද රථයක් දුම්රිය මාර්ගයට පෙරලී තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 392 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2172 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1649 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site