(සුමතිපාල දීයගහගේ)
ගාල්ල-මාතර මහා මාර්ගයේ කොග්ගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් වූ අනතුරින් බරපතල තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ මැදිරිගිරිය මෝදරගොඩ පදිංචිකරුවෙකු වූ 30 හැවිරිදි පුද්ගලයෙකි.
ත්‍රිරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ත්‍රි රෝද රථයේ රියැදුරු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇත.
මරණ පරීක්ෂණය අද (10) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.