IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


රන්භාණ්ඩ කොල්ලකෑ අයෙක් වව්නියාවේදී අල්ලයි

(සිතුම් චතුරංග)

වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකට ඇතුළු වී රුපියල්  ලක්ෂ 18 ආසන්න වටිනාකමින් යුත් මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අද (09)  වවුනියාව පූන්තෝට්ටම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

පසුගිය 01 වැනිදා රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන ඇතු`ඵවී මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරු හා කොල්ලකෑ මුදල් හා රන්භාණ්ඩ සොයාගෙන තිබිණ.

සැකකරු විසින් උකස් මධ්‍යස්ථානයේ තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් මුදල් හා රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා රන්පවුම් 12ක්ද සොරාගෙන ඇති බව පොලිසිය ස`දහන් කළේය.

පොලිසිය පැවසූයේ සැකකරු කොල්ලය සදහා දින කිහිපයක් සැළසුම් කොට ඇති අතර ඒ අනුව උකස් මධ්‍යස්ථානය වසාදමන අවස්ථාවේ සැකකරු එයට ඇතුළුවී රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමෙන් අනතුරුව පසුදින පිටව ගොස් ඇති බවයි.

අත්අඩංගුවටගත් සැකකරු රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානය අයත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාරික ස්ථානයක කම්කරුවකු ලෙස සේවයකරන අයකු බවද පැවසීය.
 සැකකරු පිටව යන අවස්ථාවේ ඔහු විසින් උකස් මධ්‍යස්ථානයේ සි.සි.ටි.වි පද්දතියට හානිකොට පලාගොස් ඇති බවද කීය.
 අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව සුන්දරපුරම් පදිංචි 28 හැවිරිදි අයකු වේ.  සැකකරු වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


 
 



අදහස් (0)

රන්භාණ්ඩ කොල්ලකෑ අයෙක් වව්නියාවේදී අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 294 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 324 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1254 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site