උපේන්ද්ර ප්රියංකර
ගිරිඋල්ල අතුරුවල ප්රදේශයේදී යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් ආ ලොරි රථයක ගැටීමෙන් එක් අයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
යතුරු පැදියේ ගමන් ගෙන ඇත්තේ මවක සහ පුතෙකි. අනතුරින් මව මියගොස් ඇති අතර තුවාල ලැබූ පුතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබයි. ඔහු කවුදුමුන්න විදුහලේ විදුහල්පතිවරයා බව පොලිසිය කියයි.
ලොරි රථය වැරදි ආකාරයට වෙනත් වාහනයක් ඉස්සර කරද්දී මේ අනතුර සිදුවී ඇත.
එම අනතුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණේ මෙසේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.