IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රක්ෂිතයක වල්ලපට්ටා කැපු අයෙක් අත්අඩංගුවට

(  එච්. චන්දන )

පනිරෙන්දාව රක්ෂිත වනාන්තරයේ තිබූවල්ලා පට්ටා ගස් කපමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව හලාවත අඩවි වන කාර්යාලයේ  කියයි.

වන සංරක්ෂණ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර  අවිස්සාවෙල්ල-වග ප්‍රදේශයේ පදිංචිකරුවෙකුව මෙලෙස අත්අඩංගුවට ගෙන  තිබේ.

රක්ෂිතය තුළ වන සංරක්ෂණ නිලධාරීන් විසින් වැටලීම සිදු කරන විට එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ පලා ගිය පුද්ගලයින් පනිරෙන්දාව රක්ෂිතයේ තිබූවල්ලා පට්ටා ගස් 08 ක් කපා තිබූ බව වන සංරක්ෂණ නිලධාරීන් සදහන් කරයි.

කපා කොටස් කරන ලද කිලෝ ග්‍රෑම් 08 ක් පමණ බර වල්ලා පට්ටා කැබලි තොගයක්ද,ආයුධ කීපයක් සහ සැකකරුවන් පැමිණි බව කියන ත්‍රීරෝද රථයක්ද වැටලීම සිදු කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

 



අදහස් (0)

රක්ෂිතයක වල්ලපට්ටා කැපු අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site