( ඩී. කේ. රත්න )
කොස්ලන්ද අඹරගල වතුයායේ ඇතිවූ හදිසි නායයෑමක් හේතුවෙන් එම ප‍්‍රදේශයේ පදිංචි පවුල් 25 ක් අද (29) එම නිවාසවලින් ඉවත් කර තාවකාලිකව පැරණි වතු බංගලාවක පදිංචි කර ඇතයි කොස්ලන්ද පොලීසිය පවසයි.
මීට දින තුනකට පමණ පෙර මෙම ප‍්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් පතිතවීම නිසා එම හේතුවෙන් මෙම නායයෑමේ අවධානම මතුවන්නට ඇතැයි පොලීසිය කියයි.
මෙම වතු නිවාසවලට ඉහළින් පිහිටි කදුවැටියේ ගල්පෙරළිමත් පස්කඳු කඩාවැටීමත් නිසා නායයෑමේ අවධානමන් මතුවීමෙන් ආරක්ෂක පියවරක් ලෙස මෙම පවුල් ප‍්‍රදේශයෙන් ඉවත් කර තිබේ.
අඹරගල වතු සමාගම, කොස්ලක්ද පොලීසිය, හල්දුම්මුල් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව මෙම ඉවත් කළ පවුල් සඳහා පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.
COMMENTS
ඉතාම හොඳ පියවරක්. බොහෝවිට සිදුවන්නේ විනාශයක් වුනාට පසු ඉවත්කිරීම. නිලධාරීන් හා පොලිසිය අවධානයෙන් සිට මිනිස් ජීවිත හා දේපල ආරක්ෂාකර ගැනීමට ගත් එඩිතර උදාර පියවර, හදවතින්ම සතුට පලකරමි.