(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම ඇල්දෙනිය පාර ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමට කම්බි බඳිමින් සිටි 23 හැවිරිදි පුද්ගලයකු පස් කණ්ඩියකට යටවීමෙන් මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇති බව මහරගම පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ රුවන්වැල්ල පදිංචිකරුවෙකි.
තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.