IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යතුරුපැදි-බස් අනතුරින් අයෙක් මරුට

(රොමේෂ් මධුෂංඛ)

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අද (2) වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව වවුනියාව පුලියන්කුලම පොලීසිය පවසයි.

වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ නිදා සිටි ගවයකුගේ ගැටීමෙන් පසුව විසි වී ගොස් යාපනය සිට වවුනියාව දෙසට ගමන්ගත් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරින් වත්තල ප්‍රදේශයේ ස්ථිර පදිංචි 21 හැවිරිදි කිරුබාකරන් දුෂ්‍යන්තන් නමැති පුද්ගලයකු මියගොස් ඇතැයි කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි රංජන් කුමාර් නැමති 41 හැවිරිදි පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇත.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා වව්නියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් පුලියන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (0)

යතුරුපැදි-බස් අනතුරින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site