( සිසිර කැලේගම)
දරුවෙකු සමග ඇතිකර ගත් අමනාපයක් නිසා සිත් තැවුලට පත්ව සිටි අසල්වැසියෙකු එම දරුවාගේ මව අද 28 දා පෙරවරුවේ දි මහ මඟ කරමින් සිටියදී පොල්ලකින් පහරදී තුවාල සිදු කිරීමෙන් අනතුරුව ඇය රෝහලට රැගෙන යන අතරවාරයේ දි මරණයට පත්ව ඇතැයි පොල්පිතිගම පොලීසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම, උල්පත පල්ලේකැලේ ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්. මල්ලිකා වික්‍රමසිංහ ( අවු. 62) නැමැති විවාහක දෙදරු මවක බව පොලීසිය කියයි.
මියගිය තැනැත්තියගේ අවුරුදු 25 ක් පමණ වයසැති වැඩිමල් පුත්‍රයා උපතේ සිටම රෝගිතාවයකින් පෙලෙන අයෙකි. ඔහු යාබද නිවසකට ගල් ගසන බවත්, එය නතර කරවන ලෙසට කොතෙක් ඉල්ලීම් කලත් එය නොනවත්වන නිසා අසල්වැසි නිවැසියන් කලක සිට ඔවුන් සමඟ අමනාපයෙන් පසුවන බවට ඒ සම්බන්ව සිදුකල විමර්ශණවල දී අනාවරණය වු බවත් පොලීසිය සදහන් කරයි.
එම දරුවාගේ මව මෙම අමනාපයෙන් පසුවෙන අසල්වැසියාගේ නිවස ඉදිරිපිටින් අද 28 පෙරවරු හතට පමණ ඔවුනගේ ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී අමනාපයෙන් පසුවන මෙම තැනැත්තා නිවසේ සිට පාරට විත් පොල්ලකින් පහරදීමෙන් ඇය තුවාල ලබා තිබේ.
පසුව ප්‍රදේශවාසින් ඇයව ඒ මොහොතේදී ම පොල්පිතිගම මූලික රෝහලට ඇතුලත් කර ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.
අපරාධය සිදු වු ස්ථානය පරික්ෂා කිරීමට මහව මහේස්ත්‍රාත්වරයා අද (28) සවස් යාමයේ පැමිණිමට නියමිත බැවින් එතෙක් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබුණි.
පහර දුන් බවට සැකකරන අවුරුදු 59 ක් වයසැති විවාහක සිව්දරු පියෙකු අත් අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධව පොල්පිතිගම අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ක්‍රිශාන්ත බංඩාර ඇතුලු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොල්ලකින් පහරදී දෙදරු මව මරලා
fairoos Wednesday, 29 September 2021 04:07 PM
මෙහෙමත් මිනිස්සු... පොඩි දේකට ගහමරා ගන්නවා.