(දෙනියාය විශේෂ එස් .ඩි.කොඩිකාර)
අකුරැස්ස, පිටබැද්දර, දෙහිගස්ප ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයයේ පරිගණක ඒකකය ,විද්‍යාගාරය ඇතුළු ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය ජපානයේ ඉදිකිරීම් සමාගමක් වන “චකචිකූ“ සමාගම විසින් පරිත්‍යාගයක් ලෙස අංග සම්පූර්ණව නැවත ප්‍රතිසංස්කරණය කරසිසු අයිතියට පත් කරන ලදි.
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනිචි සුගනුවා මහතාගේ සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේප්‍රධානත්වයෙන්සහ “චකචිකූ“ ඉදිකිරීම් සමාගමේ සභාපති රියෝ හෙයි ඉඕරෝයි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් එම විදුහලේ දී මෙම අංශ විවෘත කෙරිණි.
මෙම විද්‍යාලය කොළඹ සිටකිලෝ මීටර් 120 ක්දුරින් මාතර දිස්ත්‍රික්කයේ මොරවක අධ්‍යාපන කලාපයේ පිහිටා ඇත.
එහිදී අදහස් දැක්වූශ්‍රී ලංකාවේ ජපන් තානාපතිකෙනිචි සුගනුවා මහතා මෙසේ පැවසීය.
ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ දියුනුවට පත් වන රටක් හැටියට අප හඳුනාගෙන තියෙනවා. ඒ දියුණුව කරා ශ්‍රී ලංකාව ගමන් කරයි කියා අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා උපරිම සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන්න අපි කටයුතු කරනවා .
මෙම ජපන් චක චිකූඉදිකිරීම් සමාගම අවුරුදු 35ක් තිස්සේ ලංකාවේ වරායන් ,පාලම් , යාපනය රෝහලේ වැඩිදියුණු කටයුතු කිරීමආදී ව්‍යාපෘති සම්බන්ධයෙන් දායක වෙමින් කටයුතු කරන අතර දැනටමත් දකුණු පළාතේ පාලම් 10 ක ව්‍යාපෘතියක් සිදු කරනවා .
විශේෂයෙන් කියන්න ඕන ජපන් ජාතිකයන් ප්‍රදේශවාසීන් සමග ඉතා සුහදශීලිවකටයුතු කරන අතර හැකි සෑම අවස්ථාවකදීම ශ්‍රී ලාංකිකයන්ට නව තාක්ෂණය හුවමාරු කරගැනීමට අවස්ථාව දෙමින් කටයුතු කිරීම ජපන් සමාගම් වල විශේෂත්වයක් බව ඒමහතා පැවසීය .




2025 දෙසැම්බර් මස 18
86
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිටබැද්දර ඩඩ්ලි සේනානායක විදුහලේ පරිගණක ඒකකය ප්‍රතිසංස්කරණයට ලක්ෂ 70 ක්
Ajith Wickramsinghe Saturday, 03 March 2018 03:54 AM
ඇසීමත් සතුටක්. ජපානය නිතරම අවධානයෙන් ඉන්නේ ලංකාවේ සංවර්ධනය පිලිබඳ. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන.