
(එස්.ජී.උබේපාල)
මැදවච්චිය, සංගිලි කනදරාව ප්‍රදේශයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් ගුවන් හමුදා සෙබෙලෙකු මිය ගොස් ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය.
මෙසේ මියගෙස් ඇත්තේ නොච්චිකුලම, ඉහලගම, මිහින්තලය පදිංචිව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා වවිනියා කදවුරේ සේවය කළ තුසිත කුමාර සෙනවිරත්න නැමති 33 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා අද(22) ටේල් වර්ගයේ යතුරු පැදියක මැදවච්චිය දෙස සිට රඹෑව දෙසට අධික වේගයෙන් ධාවනය කර ඇත. මෙම පැදිකරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසින් ඉවතට ඇදී ගොස් මාර්ගයේ වම් පස පිහිටි පලු ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd