(ඞී.කේ.රත්න)
වැල්ලවාය - තණමල්විල ප‍්‍රධාන මාර්ගයේ යාලබෝව මංසන්ධිය අසලදී අද (11) නවතා තිබූ ලොරි රථයක ත‍්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි.
ත‍්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිරිගල මූලික රෝහලවෙත මාරු කර යවා තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ තංගල්ල රන්න ප්‍රදේශයේ පදිංචි ඩියුරින් බන්දුල නැමති 65 හැවරිදි පුද්ගලයෙකු බව වැල්ලවාය පොලිසිය කියයි.
මොවුන් දෙදෙනා තංගල්ල ප‍්‍රදේශයේ සිට වැල්ලවාය ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd