IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගැටුමකින් කාන්තාවක් මරුට : 6 ක් රෝහලේ

(එම් .සුසිල් ප්‍රියන්ත)
            
මිටියාගොඩ වාචිස්වර මාවත ප්‍රදේශයේ  අසල්වාසීන් දෙපිරිසක් අතර  ඇතිවූ ගැටුමකින් කාන්තාවක් මරුමුවට පත්වි හයදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව මීටියාගොඩ පොලීසිය කියයි.
 
ඊයේ (21 ) රාත්‍රියේ මෙම ගැටුම ඇති වී තිබේ.

මිටියාගොඩ වාචිශ්වර මාවත ප්‍රදේශයේම පදිංචි වැල්ලගේ කාන්ති නමැති හතලිස්පස් හැවිරිදි තිදරු මවක් මේ ගැටුමෙන් මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.
 
ඇයගේ එක් පුතකු මොරගහහේන පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරික්ෂකවරයෙක් බවද පොලීසිය කියයි

මේ කාන්තාවගේ ඝාතනයේ සැකකරු ඇයගේ නිවස අසල පදිංචි යුද හමුදාවේ විශ්‍රාමික සෙබලෙක් බවත් පවසන පොලීසිය මේ ගැටුමෙන් ඔහුද බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවද කියයි.

මේ ගැටුමෙන් මියගිය කාන්තාවගේ සැමියා ,පුතුන් දෙදෙනා ,ඇයගේ සොහොයුරා ,තවත් ඥාතියකුද   තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලීසිය කියයි.

ගැටුමෙන් තුවාල ලැබූ හයදෙනාම පලමුව බලපිටිය මූලික රෝහලට ඇතුලත් කළ බවත් අසාධ්‍ය තත්වයෙන් පසුවූ  ඝාතනයේ සැකකරු හා  ඝාතනයවී ඇති  කාන්තාවගේ සැමියා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බවද පොලීසිය කියයි 

ඇළ මාර්ගයක් අවහිර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ අසල්වාසීන් දෙපිරිස අතර කාලයක් තිස්සේ පටන්ම ආරවුලක් පවතින බවත් ඒ ආරවුල මේ ගැටුමට හේතුව වන්නට ඇති බවත් පොලීසිය කියයි .

තමන්ගේ අසල්වාසි ඥාතියෙකුට ඊයේ (21 ) රාත්‍රියේ මේ ඝාතනයේ සැකකරු ඇතුලු පිරිසක් පහරදී ඇති බවත් ඔහුව බේරා ගැනීමට මියගිය කාන්තාව ඇතුලු අසල්වාසි ඥාති පිරිසක්  එහි ගියවිට සැකකරු ඇයට ,ඇයගේ සැමියාට ,දරු දෙදෙනාට, සහ ඇයගේ සොහොයුරාට තියුණූ ආයුධයකින් පහරදි ඇති බවත් ඉන් අනතුරුව මිය ගිය කාන්තාවගේ පිරිසේ අයවලුන් සැකකරුට පහරදී ඇති බවත් පොලීසිය කියයි

මීටියාගොඩ පොලීසිය හා ඇල්පිටිය පොලිස්  අපරාද පරීක්ෂණාගරයේ නිලධාරින් මේ පිලිබදව පරික්ෂණ පවත්වති .
         



අදහස් (0)

ගැටුමකින් කාන්තාවක් මරුට : 6 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site