IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිස්තෝලයක් - ජීව උණ්ඩ 10 ක් සන්තකයේ තිබූ අයෙක් රිමාන්ඩ්

(ටෝනි කරුණානායක) 

මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ පිස්තෝලයක් සහ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 10 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ සමරදිවාකර මහතා අද (08) නියම කළේය.

මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි ඒ.ඒ.ඉන්ද්‍රතිස්ස නැමැති සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .

සැකකරු මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ ප්‍රදේශයේ නිවසකින් කාමරයක් කුලි පදනම මත ලබා ගෙන 

එම කාමරයේ රැඳී සිටියදි අත්අඩංගුවට ගත් බවත් සැකකරු එම කාමරය තුළ සඟවා තිබූ මෙරට  නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවිය සහ එම අවියට යොදන බෝර 12 වර්ගයේ පතුරම් 07 ක් සහ ටී 56 ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ 03 ක් සොයා ගත් බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

අත්අඩංගුවට පත් එම ගිනි අවිය යොදා ගෙන  සැකකරු අපරාධ සිදු  කර ඇත්දැයි යන්න පරීක්ෂණ සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළ අතර පරීක්ෂණ අවසන් නොමැති බව ද පැවසීය. 

 



අදහස් (0)

පිස්තෝලයක් - ජීව උණ්ඩ 10 ක් සන්තකයේ තිබූ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site