(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අතුරුගිරිය ඔරුවල වානේ සංස්ථාවේ තෙල් ටැංකියක අද (10) සවස ඇති වූ පිපිරීමකින් සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
තෙල් ටැංකි දෙකෙන් එක ටැංකියක නඩත්තු කටයුතු කරමින් සිටියදී එහි උඩ කොටස පිපිරීමේන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කියයි.
සේවකයන් දෙදෙනෙකුගේ පාද වලට තුවාල සිදුවී ඇති අතර ඔවුන් හෝමාගම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd