IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අම්බලන්ගොඩ ගුරු උද්ඝෝෂණය උණුසුම් වෙයි

(එම් .සුසිල් ප්‍රියන්ත සහ එම්.හේමන්ත ද සිල්වා)

වැටුප් විෂමතාවය ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අම්බලන්ගොඩදී නගරයේ පැවැති ගුරු උද්ඝෝෂණය අතර තුර රෝගියකු රැගෙන  ගිය ගිලන් රථයකට බාධා වීමත් සමග අම්බලන්ගොඩ නගරයේ දැඩි උණුසුම් වතාවරණයක් ඇතිවිය.

අම්බලන්ගොඩ බස් නැවතු පොළ ඉදිරිපිට ගාලු පාරේ එක් මංතීරුවක් වසා  ගුරුවරුන් උද්ඝෝෂණය කිරීමත් සමගම පැයක පමණ රථ වාහන තදබදයක් ඇති විය.

ගාලු අන්තයේ සිට බලපිටිය මූලික රෝහලට රෝගියකු රැගෙන යමින් තිබූ ගිලන් රථයකට කෙලින්ම ගාලු පාරේ  ගමන් කිරීමට අම්බලන්ගොඩ බස් නැවතුම් පොළ වටා රවුමක් ගසා යාමටද සිදුවිය.

මේ සමගම අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්.කේ.විතානගේ මහතා සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම් කතා බහක් ඇති විය.

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල ගුරුවරු විශාල පිරිසක් මේ උද්ඝෝෂනයට හා විරෝධතා පාගමනට එක්වී සිටියහ. පැයක් පමණ කාලයක් උද්ඝෝෂණය කිරීමෙන් පසු පිරිස විසිර ගියහ.



අදහස් (0)

අම්බලන්ගොඩ ගුරු උද්ඝෝෂණය උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 258 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site