(හසිත රංග ගුණතිලක)
කඩිනම් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාන්තා සංවිධානය කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක නිරත විය.
විරෝධතාකරුවෝ පිරිස අද පස්වරු පමණ බම්බලපිටිය හෙන්රි පේදිරිස් ක්‍රීඩාංගනය අසළ රැස් වී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ පාගමනින් ආර්. ඒ. ද මෙල් මාවතේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දෙසට ගමන් ගත්හ.
විරෝධතාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතවරියන් ඇතුළු කාන්තාවෝ 300කට අධික පිරිසක් එක්ව සිටියහ.
අපේ ඡන්ද අයිතිය අපට ලබාදෙන්න, ජනතා පරමාධිපත්‍ය බලය සුරකින්න, ඡන්දය කල්දමනු එපා, ජනමතයට ඉඩදෙන්න, ඡන්දය පැවැත්වීම මානව හිමිකම් කඩවීමක්ද, ජනතාවට ඕන ඡන්දයක් ආදී වැකි සහිත පුවරු සහ බැනර් අතැතිව පිරිස පාගමනින් ගමන් ගත්හ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරිපිටට පැමිණි පිරිස පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.
කොමිසම වෙත ගිය නියෝජිතයෝ කිහිපදෙනෙක් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් ලිපියක් කොමිසමට භාරදීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.
ඡායාරූප සහ විඩියෝ- රොමේෂ් ධනුෂ්ක සිල්වා.



2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
205
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1069
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැතිවරණයක් ඉල්ලා පොහොට්ටුවේ කාන්තා සංවිධානය උද්ඝෝෂණයක