(පද්මා කුමාරී කංකානම්ගේ )
කැස්බෑවුන් මරා සංචාරක නිකේතනයන්ට අලෙවි කිරීමේ ජාවාරමක යෙදුන පුද්ගලයින් තිදෙනෙකු අද (20) අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
කැස්බෑ මරණ තුනකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු කල්පිටියේ ඒත්තාල , තිහලිය සහ ආලංකුඩාව යන ප්‍රදේශවලින් අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරකට අනුව නිවසක ලිපේ පිසෙමින් තිබූ කැස්බෑ හොද්දක් සමඟ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තිහලිය ප්‍රදේශයේ ශීතකරනයක බහා තිබූ කැස්බෑ මස් කිලෝ දෙකක් සමඟ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
මේ අතර ආන්දන්කන්නිය ප්‍රදේශයේ නිවසක තිබී මරණ ලද කැස්බෑවකුගේ පිට කටුවක් සමඟ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවද කල්පිටිය පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd