(එමි.කේ.නන්දසේන)

කතරගම මයිලගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කිසියම් කටයුත්තකට නිවසින් බැහැරව ගොස් ආපසු නිවෙස බලා පැමිණෙමින් සිටියදී කතරගම දෙටගමුව ප්‍රදේශයේදී යතුරුපැදිය එළ ගවයෙකු හා ගැටීම නිසා බරපතල තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ගෙන යමින් සිටියදී මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කතරගම සෙල්ල කතරගම මාර්ගයේ මයිලගම ප්‍රදේශයේ පදිංචි එදිරිසිංහ ආරචිචිගේ ජිනදාස නැමති 67 හැවිරිදි පුද්ගලයෙකි.

මෙි සමිබන්ඳයෙන් කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා විසින් කතරගම රෝහලේදී නිරීක්ෂණ සටහන් ලබා ගැනීමෙන් අනතුරුව දෙබරවැව මූලික රෝහලේදී මරණ පරීක්ෂණය සිදු කරණු ලැබිණ.