(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව සතිපොළේ යතුරුපැදි හා පාපැදි නවතන ස්ථානය ටෙන්ඩර් මගින් ලබාගෙන පවත්වාගෙන ගිය දෙදෙනෙකුට ඉකුත් සඳුදා රාත්‍රීයේ හා උදෑසන තර්ජනය කර පහර දී පලා ගොස් සිටි වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව චාල්ස් විලියම් මාවතේ පදිංචි 56 හැවිරිදි අයෙකි.
මෙම පහරදීමට සම්බන්ධ බව සැකකරන මන්ත්‍රීවරයා ඇතුළු තවත් දෙfදනෙක් ප්‍රාදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔවුන්ව සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.
මෙම පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ උල්හිටියාවේ පදිංචි සුරංජිත් සිල්වා 62 හා සුමේධ සිල්වා 45 නැමති දෙදෙනෙකි.
හිසට හා පිට පෙදෙසට පොලු වලින් පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයන් මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd