(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළින් සාමාන්‍ය ජනතාවට මත්ස්‍ය අලෙවිය සිදු නොවන බවත් කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම හේතුවෙන් දිනකට පැය හතරක කාලයක් පමණක් වරාය පරිශ්‍රය තුළට ධීවර සංස්ථාවේ හා අවසරලත් ශීතාගාර සහිත ලොරි රථ පමණක් ඇතුල් කර ගන්නා බවත් බේරුවල ධීවර වරායේ කළමනාකාරු එඩ්වඩ් දයාමාල් මහතා අද (09) පැවසීය .
ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයේදී වරාය පරිශ්‍රයට පැමිණ බහුදින යාත්‍රාවල මත්ස්‍ය අස්වැන්න ක්‍රමවත්ව බෙදාහරින බවත් ඒ මහතා කීය.
බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් දෛනිකව වරාය පරිශ්‍රයට ඇතුල් කරගන්නා ධීවර ව්‍යාපාරිකයන් සහ එම යාත්‍රා සේවකයින්ද මුඛ ආවරණ සහිතව මීටරය පරතරය තබාගෙන ප්‍රධාන කටයුතු කරනු ඇති බව කළමනාකාරවයා වැඩිදුරටත් සඳහන් කළේය.
එම පිරිස් නිරීක්ෂණය කිරීමට බේරුවල වරාය පරිශ්‍රය තුල නාවික හමුදාව , විශේෂ කාර්ය බලකාය සහ පොලිස් නිලධාරීන් කටයුතු කරන අතර මේ වන විට කොරෝනා වයිරසය පැතිරයාම අවම කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ලබාදුන් උපදෙස් එම ජනතාව අකුරටම ඉටු කරමින් කටයුතු කරන බවත් වරාය කළමනාකාර වරයා පැවසීය .


2025 දෙසැම්බර් මස 18
325
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳීරිනීතිය පැවතියත් බේරුවල ධීවර වරායේ වැඩ සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරේ