(එමි.කේ. නන්දසේන)
කතරගම ගොයාගල වැවෙහි දියේ ගිලී මියගොස් සිටි වැලහින්නකගේ සිරැරක් වනජීවි නිලධාරීන් විසින් අද (19) උදෑසන සොයා සොයාගනු ලැබීය.
ඊයේ (18) රාත්‍රියේ ගොයාගල ගම්මානයට වලසෙකු පැමිණ ඇති බවට ගම්වැසියන්ගෙන් ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් කණ්ඩායමක් එම පෙදෙස වෙත ගොස් සෝදිසියට ලක් කොට ඇතත් වලසා සොයා ගැනීමට නොහැකි වී තිබේ.
අද (19) උදෑසන වැවට බැස ඇති ගම්වැසියෙකු වලස් සිරුරක් වැවෙහි තිබෙනු දැක වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබෙි. මෙම දැනුම්දීමට අනුව වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් සිරුර සෝදිසියට ලක් කිරීමේදී අවුරුදු 12ක් පමණ වයස සිතිය හැකි වැලහින්නක් බව අනාවරණය කරගෙන ඇත. වනජීවී නිලධාරීන් සිරුර දැඩි ලෙස සෝදිසියට ලක් කොට ඇතත් කිසිදු තුවාල කැලලක් දක්නට නැතැයි කියයි.
මෙම වැලහින්න ගම්වැසියන්ට බයවී වැවට පනින්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක පලකරති. තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කොට උඩවලව ඇත් අතුරු සෙවන වෙත දැනුම් දී පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට වනජීවී නිලධාරීහු කටයුතු කරති.
ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත කතරගම අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි සහකාර මහින්ද ජයසිංහ, වනසත්ව නියාමක එචි.ඒ. සමිත් යන මහත්වරැන් ඇතුළු නිලධාරීහු පිරිසක් පරීක්ෂණ පවත්වති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම සතෙකුට ස්වභාවයෙන් පිහිනීමට හැකියාව තිබෙන නිසා උන් ගිලෙන්නේ නැත
හැබැයි මේ අයට හොඳට පීනන්න පුළුවන්නේ.
හොඳට පරික්ෂා කර බලන්න.
ෆොටෝ එකෙන් පේනවා කැලෑව හොඳටම සුද්ද කරලා .ඔන්න 69 ඉලක්කය ,රට සාගතේ